Latestදේශීය

තවදුරටත් බන්ධනාගාරගත කළ සමන් ඒකනායක

හිටපු ජනා­ධි­පති බිරිය, හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පුද්ග­ලික ලේකම් යන අය­ව­ළුන් පවා මේ රාජ්‍ය දේපළ අව­භා­විත කර තිබේද, රාජ්‍ය දේපළවලින් ප්‍රති­ලාභ ලබා තිබේද යන්න විම­ර්ශ­නය කිරී­මට මා විමර්ශ­ක­යන්ට උප­දෙස්

ප්‍රශ්නා­ව­ලි­යක් වුල්ෆ­හැ­ම්ටන් විශ්ව­වි­ද්‍යා­ල­යට ඊමේල් සහ අධි­වේගී තැපෑල හරහා යොමු කළා සැක­කරු දූෂිත රාජ්‍ය නිල­ධා­රි­යෙක් කියා මා කියන්නේ නැහැ.

ඒත් ඔහු පළ­පු­රුදු අප­රා­ධ­ක­රු­ව­කුගේ ස්වභා­ව­යෙන් කට­යුතු කළ බව මා කිය­නවා

පළමු සැක­ක­රුගේ වැටුප මෙන් 162 ගුණයක් වැඩි අග­යක් මේ රට බංකො­ලොත් වුණු අව­ස්ථා­වක වැය කර තිබෙන්නේ. පැයට වැය කළ විය­දම ලක්ෂ පහට වැඩියි

බ්‍රිතා­න්‍යයේ පෞද්ග­ලික සංචා­ර­යක නිරත වීම සඳහා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට රුපි­යල් ලක්ෂ 16කට අධික මුද­ලක් අනු­මත කිරීම තුළින්, එම වර­දට ආධාර අනු­බල දුන් බවට සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා තව­දු­ර­ටත් ලබන 18 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ මහතා ඊයේ (11) නියෝග කළේය.

සැක­කාර හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රයා පස්වරු 1.30ට පමණ බන්ධ­නා­ගා­රය මඟින් අධි­ක­ර­ණ­යට රැගෙන ආවේය. අන­තු­රුව නඩු කෘත්‍ය ආරම්භ වූ පස්වරු 2.10ට විවෘත අධි­ක­ර­ණ­යට ඔහුව ඉදි­රි­පත් කෙරිණි.

එහිදී හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­රයා වෙනු­වෙන් දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා සිදු කළ ඇප ඉල්ලීම තුළ ඇප දීමට තරම් සුවි­ශේෂී කරුණු නොමැති බව පව­ස­මින් ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදිරි දින ඇප සම්බන්ධ නියෝ­ගය සිදු කරන බවත් පැමි­ණිල්ල සහ විත්තිය එදි­නට පෙර විරෝ­ධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙසත් දන්වා සිටි­යේය.

සැක­කාර ලේක­ම්ව­රයා වෙනු­වෙන් සිදු කළ ඇප ඉල්ලී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජෙන­රාල් දිලීප පීරිස් මහතා සිය විරෝ­ධය පළ කළේය.

ස්වාමීනි මේ සැක­කරු දූෂිත රාජ්‍ය නිල­ධා­රි­යෙක් කියා මා කියන්නේ නැහැ. ඒත් ඔහු පළ­පු­රුදු අප­රා­ධ­ක­රු­ව­කුගේ ස්වභා­ව­යෙන් කට­යුතු කළ බව මා කිය­නවා. එසේම මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ආධාර අනු­බල දුන් රාජ්‍ය නිල­ධා­රීන්ට එරෙ­හිව පිය­වර ගන්න මා උප­දෙස් දී තිබෙ­නවා. එමෙන්ම හිටපු ජනා­ධි­පති බිරිය මහා­චාර්ය මෛත්‍රි වික්‍ර­ම­සිංහ, හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය­ව­ළුන් පවා මේ රාජ්‍ය දේපළ අව­භා­විත කර තිබේද, රාජ්‍ය දේප­ළ­ව­ලින් ප්‍රති­ලාභ ලබා තිබේද යන්න විම­ර්ශ­නය කිරී­මට මා විම­ර්ශ­ක­යන්ට උප­දෙස් දී තිබෙ­නවා” යැයි කී දිලීප පීරිස් මහතා සැක­කාර හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­ර­යාගේ හැසි­රීම පළ­පු­රුදු අප­රා­ධ­ක­රු­වෙක්ගේ යැයි ද අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

“මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පසු­ගිය 04 වැනිදා ප්‍රශ්න 09 යුක්ත ප්‍රශ්නා­ව­ලි­යක් වුල්ෆ­හැ­ම්ටන් විශ්ව­වි­ද්‍යා­ල­යට ඊමේල් සහ අධි­වේගී තැපෑල හරහා යොමු කරනු ලැබුවා. එහි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහ­තාගේ අත්ස­නින් යුක්තව නිකුත් කළ ප්‍රශ්නා­ව­ලියේ විශ්ව­වි­ද්‍යා­ලය ආශ්‍රිත කරුණු විමසා තිබෙ­නවා. 2023.09.22 සහ 23 සංචා­ර­යට අදා­ළව ආරා­ධනා ක්‍රියා­ව­ලිය, බ්‍රිතාන්‍ය රජයේ අනු­ග්‍ර­හය ලබා ගත්තේ ද, රජය දැනු­වත් වී තිබේ ද යන්න සහ මෙරට රාජ්‍ය යන්ත්‍රණ ක්‍රියා­ව­ලිය ඇතුළු කරුණු 09ක් එහි ඇතු­ළත් යැයි කී දිලීප පීරිස් මහතා අද වන­තෙක් එයට පිළි­තුරු ලැබී නැතැයි ද කීවේය.

එසේම සුවි­ශේෂී කාර­ණ­යක් ඉදි­රි­පත් කිරී­මට ඇති බව කිය­මින් දිලීප පීරිස් මහතා මෙසේ කියා සිටි­යේය.

“ස්වාමීනි පෙර නඩු දිනය දා අධි­ක­රණ භූමි­යේත් අධි­ක­ර­ණ­යෙන් පිට­තත් පිරිස් රැඳී සිටියා. ඔවුන් ප්‍රද­ර්ශන පුවරු ප්‍රද­ර්ශ­නය කර­මින් එහි රැඳී සිටියා. නඩු­ක­ර­යෙන් අන­තු­රුව නීති­ඥ­ව­රුන්, දේශ­පා­ල­ක­යන් විවිධ ප්‍රකාශ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. දැන­ට­මත් චෝදනා ලැබ දඬු­වම් ලැබ සිටින පුද්ග­යෙක් එහිදී කියා සිටියා හැම­දාම නත්තල් නෑ, වෙනස් වෙනවා. ඔවු­න්ටත් උත්තර බඳින්න වෙයි කියා. මේ නඩු­ක­රයේ සාක්ෂි බහු­ත­ර­යක් තිබෙන්නේ රාජ්‍ය නිල­ධා­රීන්ගේ. ඒ අය ඉලක්ක කර අධි­ක­ර­ණ­යෙන් පිට­තත් එළි­යේත් කතා කර­නවා. අධි­ක­ර­ණයේ කතා නොක­රන නීති­ඥ­ව­රුන් එළි­යට ගිහින් කතා කර­නවා. ඒවාට අපි සූදා­නම්. ඒත් රාජ්‍ය නිල­ධා­රීන් බිය වැද්ද­වී­මක් මේ අය සිදු කරන්නේ. බී වාර්තාවේ කරුණු මාධ්‍ය­යට දීලා පෙන්ව­නවා. බය කර­නවා. වෙනස් වුණාම විඳින්න වෙයි කියා කිය­නවා. මේ නඩු කෘත්‍ය විභාග වන දිනයේ බස්නා­හිර පළාත් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා හරහා මෙවැනි ක්‍රියා නොවන ලෙස පිය­වර ගන්න. මෙහෙම ගියොත් පාතාල සාමා­ජි­ක­යන් පවා මෙහෙ උත්ත­මා­චාර කරයි” යැයි කී ඒ මහතා ඊට අදාළ පිය­වර ගන්නා ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටියේ ඒ සම්බ­න්ධ­යෙන් සලකා බලන බවය. අවශ්‍ය වුව­හොත් විමසා බලා ඉදිරි දින නියෝග නිකුත් කරන බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා දැනුම් දුන්නේය.

“අද­හස් ප්‍රකාශ කිරීම මූලික අයි­ති­යක්. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්තාවේ අනු ව්‍යව­ස්ථාවේ 15 – 7 අනුව පම­ණයි සීමා කළ හැකි වන්නේ. මහ­ජන ප්‍රකාශ ගනන් ගැනී­මට අවශ්‍ය නැහැ. අවශ්‍ය වුවොත් නියෝග නිකුත් කර­නවා” යැයි මහ­සේ­ත්‍රා­ත්ව­රයා මෙහිදී කියා සිටි­යේය.

“නිල­ධා­රීන්ට බල­පෑම් කරන්න බැහැ. හැමෝම වග­කීම් භාර ගත යුතුයි. සැක­කාර පාර්ශ්වයේ නීතිඥ මහ­ත්ව­රුන්ට නම් එය පැහැ­දිලි කරන්න පුළු­වන්” යැයිද මහේ­ස්ත්‍රා­ත්ව­රයා එහිදී පැවැ­සීය.

එහිදී දිලීප පීරිස් මහතා සැක­ක­රු­ව­කුගේ නම සම්බ­න්ධ­යෙන් ඇතිව ඇති තත්ත්ව­යක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට පැහැ­දිලි කර සිටි­යේය.

“නි‍ෙවසේ, විශ්ව­වි­ද්‍යා­ලයේ සහ රජයේ කාර්යා­ල­වල සමන් ඒක­නා­යක නමින් හැඳි­න්වෙන බව කියා තිබෙ­නවා. සොමි­සාර කියන නම මා භාවිත කළේ අප­හාස කිරී­මට නොවයි. අප­හා­ස­යක් කළ බවට හැඟී යන්නේ නම් කන­ගා­ටුව ප්‍රකාශ කර­නවා.”

මහේ­ස්ත්‍රා­ත්ව­රයා –

උප්පැ­න්නයේ ඇති නම කුමක්ද

දිලීප පීරිස් මහතා –

සොමි­සාර යන නම ස්වාමීනී.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා –

එසේ නම් එම නම තමයි අදාළ වන්නේ.

දිලීප ඵීරිස් මහතා –

ස්වාමීනී, රුපි­යල් ලක්ෂ 162ක් කබා­සී­නිය කිරී­මක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­යක්. පළමු සැක­ක­රුගේ වැටුප මෙන් 162 වාර­යක් වැඩි අග­යක් මේ රට බංකො­ලොත් වුණු අව­ස්ථා­වක වැය කර තිබෙන්නේ. පැයට වැය කළ විය­දම ලක්ෂ පහට වැඩියි. 7 වැනිදා ලිපි­යෙන් පටන් ගත්තේ. ඔහු ඒ ලිපිය දේශ­පා­ල­ක­ය­කුට දෙනවා. දැන ඒක සරෝජා සිරි­සේ­නට දාන්න යනවා. මේ දෙවැනි සැක­කරු තමයි රජයේ ප්‍රධාන ගණන් දෙන නිල­ධා­රියා. මහ­කො­ම­සා­රිස් දෙන එක අනු­මත කරන්නේ ඔහුයි. මේ අය VIP පැය දෙක­හ­මා­රක් රැඳී සිටින්න රුපි­යල් ලක්ෂ 27ක් වැය කරලා. රට බංකො­ලොත් කියා ප්‍රකාශ කළ අව­ස්ථා­ව­කයි මේ මුදල් පුද්ග­ලික අව­ශ්‍ය­තා­ව­කට වැය කර තිබෙන්නේ. මේ සැක­කරු අමෙ­රි­කා­වට ගියා. ලන්ඩන් එනවා. බැහැලා ශ්‍රී ලංකා­වට ආවේ නැහැ. පසු­වයි දැන ගත්තේ උපා­ධිය ගැන කියා ප්‍රකාශ දෙනවා. අවංක රාජ්‍ය සේව­ක­යෙක් නම් අහන්න එපැයි ස්වාමියා කළ වරද ගැන. ට්‍රාන්සිට් එහෙ­කට රුපි­යල් ලක්ෂ 162ක් වැය කරන්න ඉඩ දෙන­වාද? බ්‍රිතාන්‍ය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ වසර 3ක පළ පුරු­ද්දක් දෙවැනි සැක­ක­රුට තිබෙ­නවා. ඔහු වුල්ෆ්හැ­ම්ටන් විශ්ව­වි­ද්‍යා­ලය සහ ලන්ඩන් අතර අව­බෝ­ධ­යක් නැද්ද. ලන්ඩන් සිට කිලෝ­මී­ටර් 200ක් දුර බවට දන්නේ නැද්ද? ශ්‍රී ලංකාවේ උපා­ධිය ප්‍රචා­රය කළේ නැහැ. අපේ රටේ මාධ්‍ය­වල ඒ පින්තූර නැහැ. ලන්ඩ­න්වල ගිය පින්තූර පම­ණයි තියෙන්නේ. ඇයි සර් මට බොරු කිව්වේ කියලා හරි අහන්න තිබුණා. මේ සැක­කරු තමයි හොර වැඩේ කළේ. මහ­ජන මුදල් කබා­සී­නිය කළේ මොහුයි. ශානිකා සිල්වාගේ ප්‍රකා­ශ­යට අනුව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ගෙවී­ම්ව­ලට අදාළ රැස්වීම් වාර්තා කරන බව කියා තිබෙ­නවා. එම සංචා­රය කුමක්ද යන්න ඇය දන්නේ නැහැ. ජනා­ධි­පති ලේක­ම්ව­ර­යාගේ උප­දෙස් අනුව කට­යුතු කළ බව ඇය කියා තිබෙ­නවා. pvt කියන එක රවුම් කර වහන්නේ ඔහුයි. රාජ්‍ය ලාංඡ­නය යොද­න්නේත් ඔහුයි. රාජ්‍ය සේවයේ අත්දැ­කීම් තිබෙ­නවා නම් මේ වගේ මුදල් කබා­සී­නිය කිරී­ම­කට ඉඩ දෙන­වාද? රාජ්‍ය මුද­ල්ව­ලින් ප්‍රති­ලාභ ගත් සියලු දෙනා ගැන විම­ර්ශන කර­නවා. ඒ නිසයි මම කියන්නේ ඔහු පළ­පු­රුදු අප­රා­ධ­කා­ර­යෙක් ලෙස කට­යුතු කර තිබෙන බවට. සරෝජා සිරි­සේ­නගේ ප්‍රකා­ශය සට­හන් කරද්දී බල­පෑම් සහිත දුර­ක­තන ඇම­තුම් පවා ආවා. මම ඒ ගැන දැන්ම කියන්නේ නැහැ. විදේශ ගමන් තහ­න­මක් තිබුණා කියා නිවාස අඩ­ස්සියේ තබා නැහැ කියා ඔහු ප්‍රකා­ශදී තිබෙ­නවා. ඔහු සැඟවී සිටි එම කාලය තුළ ජංගම දුර­ක­තන භාවිත කළේ නැහැ. ඒ බව ඇහු­වාම ඔහු දුර­ක­ත­නය භාවිත කළේ නැහැ කියා කිව්වා. නීති­ඥ­ව­රයා කිව්වා මා සමඟ දුර­ක­ත­න­යෙන් කතා කළා කියා පෙර දිනයේ. කවුද ඇත්ත කියන්නේ සැක­ක­රුද නීතිඥ මහ­තාද?

මහේ­ස්ත්‍රා­ත්ව­රයා – නීති­ඥ­ව­රයා සමඟ කතා කිරී­මට අයි­ති­යක් තිබෙ­නවා.

දිලීප පීරිස් මහතා – ස්වාමීනී,

මම කියන්නේ දුර­ක­ත­නය වසා තිබුණා කියා කියන නිසා කවුද බොරු කියන්නේ. සතුන්ට කෑම දීලා ගිහිං තිබෙ­නවා. සත්තුන්ට කෑම දෙන එක හොඳ වැඩක්. ඒත් අත්අ­ඩං­ගු­වට ගන්න හදන අව­ස්ථාවේ ඔහු කොහේද හිටියේ. ඒ බව අපි දැන ගත යුතුයි. එයද කීර්ති­මත් නිල­ධා­රි­ය­කුගේ ක්‍රියා­ක­ලා­පය. බන්ධ­නා­ගාර බස් එකේ යන ගමන් මාධ්‍ය­යට කිය­නවා ජය­වේවා කියා. කාටද ජය­වේවා කියන්නේ?. පැමි­ණි­ල්ල­ටද ඔබ­තු­මා­ටද කාටද? ඔහු ඉන්නේ සතු­ටින්. පළමු විති­ත­කරු වන රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ දේශ­පා­ල­ක­යෙක් ඔහු හමු­වෙන්න රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­යට ගිහිං තිබෙ­නවා. හම්බ වුණු බවට ලේඛන සාක්ෂි අපි සතුව තිබෙ­නවා. අපි ගියත් එහි ලේඛන තිබෙ­නවා. ඔහු කිව්වේ ට්‍රාන්සිට් බවට දැක්කේ උසා­වි­යේදී බව­ටයි. ට්‍රාන්සිට් එහෙ­කට රුපි­යල් ලක්ෂ 162ක් විය­දම් කිරීම සාමන්‍ය පුර­වැ­සි­යෙක් ලෙස ඔහුට දැනෙන්නේ කො‍ෙහා­මද? ඒක වර­දක් බව දැන­නෙවා නම් පසුව අය කර­ගන්න තිබුණා. මේ හේතු නිසා ඇප දීමට විරු­ද්ධයි.

ජනා­ධි­පති නීතිඥ කාලිංග ඉන්ද­තිස්ස මහතා –

මගේ සේවා­දා­ය­කයා අමෙ­රි­කාවේ සිට එන ගමන ලන්ඩන් ගියේ නැහැ දෝහා හරහා මෙර­ටට පැමි­ණියේ.

දිලීප පීරිස් මහතා – මට වැර­දුණා.

සැක­කාර සමන් ඒක­නා­යක මහතා වෙනු­වෙන් කරුණු දක්ව­මින් එම ක්‍රියා­ව­ලිය ආය­තන හයර් කිරීම මුදල් අය-වැය සකස් කිරීම සහ සියලු කට­යුතු සිදු කර ඇත්තේ බ්‍රිතා­න්‍යයේ ශ්‍රී ලංකා මහ­කො­ම­සා­රිස් සරෝජා සිරි­සේන මහ­ත්මිය සහ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය බව කී ජනා­ධි­පති නීතිඥ කාලංග ඉන්ද­තිස්ස මහතා, තම සේවා­දා­ය­කයා ලන්ඩන් නුව­රට ගියේ නැති බවත් කියා සිටි­යේය. අප­රාධ මන­සක් නොතිබූ බව පෙන්වා දුන් ඒ මහතා ඔහු ඇප මත මුදා හරින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිය තීන්දුව ප්‍රකාශ කර­මින්,

විම­ර්ශන ගැන අව­ධා­නය යොමු කර­නවා. බන්ධ­නා­ගාර බස් රථයේ සිට මාධ්‍ය­යට ප්‍රකාශ කිරීම සම්පූර්ණ වර­දක්. එසේ නොකළ යුතුයි. එසේ සිදු කර තිබේ­නම් පිය­වර ගන්න. නීතියේ යම් වෙන­සක් තිබෙ­නවා. සාමාන්‍ය නීති­යට වඩා මෙය වෙනස්. මේ නීතිය යටතේ ඇප නොදී­මට හේතු නෙමෙයි ඇප දීමට හේතුයි ඉදි­රි­පත් කළ යුතු වන්නේ. ඇප දීමට තරම් සුවි­ශේෂී හේතු ඉදි­රි­පත් වන්නේ නැහැ. ඒ අනුව ඇප ප්‍රති­ක්ෂේප කර­නවා. ඇප දීම ඉදිරි දින සලකා බල­නවා. නඩුව යළි ලබන 18 කැඳවේ.

එසේම සැක­කාර සමන් ඒක­නා­යක මහ­තාගේ අත් අකුරු සාම්පල ලබා ගෙන ඇති බවත්, ප්‍රශ්න­ගත ලිපි­යක රවුම් කිරීම සම්බ­න්ධ­යෙන් විමසා බැලී­මට එය රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට යොමු කිරී­මට අව­සර ලබා දෙන ලෙස කළ ඉල්ලී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා අව­සර ලබා දුන්නේය. ලබන 18 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසත්, එදි­නට විම­ර්ශන ප්‍රග­තිය දැනුම් දෙන ලෙසත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *