Latestදේශීය

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයකු දූෂණ චෝදනා මත ඊයේ (12) අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා පෙබරවාරි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම විශ්‍රාමික සමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ටොයෝටා වර්ගයේ ජිිප් රථයක් ලබා ගෙන, එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව නිසි තහවුරු කිරීමකින් තොරව කුලී මුදල් වශයෙන් රුපියල් 12,750,000.00ක මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙනි.
තවද ඔහු පී.එන්.ඔටෝ හෝල්ඩින් ආයතනයෙන් එම වාහනය සපයා ගැනීමේ අරමුණෙන් ප්‍රසම්පාදන රීති නොසළකා හරිමින් කටයුතු කර එම ආයතනයට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර ඇති අතර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් එම සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම ඔහුයටඑඓරහි තවත් චෝදනාවක් වේ.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබියදී මෙලෙස අයථා ලෙස වාහන ලබා ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *