අනුරාධපුරයට ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක්
ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සුදුසු පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීම සඳහා භූමිය නිරීක්ෂණයට ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.
අනුරාධපුරය, ලෝලුගස්වැව මංසන්දියේ යෝජිත මෙම භූමිය අක්කර 200ක වපසරියකින් යුත් අතර එය ඉදිරියේදී සීග්‍රයෙන් දියුණුවීමට නියමිත ප්‍රදේශයක් බව හඳුනාගෙන ඇත.
විලච්චිය, තන්තිරිමලේ සිට විල්පත්තුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයටත්, අනුරාධපුර පූජා භූමියට සහ තිසා වැවටත් යාබඳව පවතින මෙම භූමිය අලුත්නුවර ජනතාව නැවත පදිංචි කිරීම සඳහා සහ නව ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමට වෙන්කර තිබේ.
යෝජිත නව ක්‍රීඩා සංකීර්ණය තුළ ගෘහස්ථ ක්‍රීඩාංගනයක්, පාපන්දු හා රගර් සදහා ක්‍රීඩා පිටියක් සහ මීටර් 400 සින්තටික් ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
මෙරට තුළ සින්තටික් ධාවන පථ දැනට පවතින්නේ දෙකක් පමණක් වන අතර එම ධාවන පථ දෙකම කොළඹ කේන්ද්‍ර කරගනිමින් දියගම සහ සුගතදාස ක්‍රීඩාංගනවල බව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
අනුරාධපුරයට එවැනි පහසුකමක් සැලසීමෙන් වවුනියාව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක රැසක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පහසුකම් සැලසෙනු ඇති.
නව ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කිරීම රජයේ සැලසුමයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

