Latestදේශීය

අවුරුදු 14කට පසු අකුරේගොඩ සිද්ධියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි රැස්වීමක් කැදවයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කරයි.

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම රැස්වීම කැඳවා ඇති බව අද (14) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමරසූරිය මහතා කියා සිටියේය.

මෙම සිද්ධිය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මීට පෙර රැස්වූ බව ඔහු පැවසීය. නමුත් මෙම කාරණය සමස්ත නීති ප්‍රජාවටම බලපාන අතර විධායක කමිටුව විසින් පමණක් තීරණය නොකළ යුතු බව ඔහු සඳහන් කළේය. ඒ අනුව හෙට පස්වරු 3.00 ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරි පියවර එම රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.

සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේ,

“මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ. අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවූයේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඒ දෝෂාභියෝග ප්‍රශ්නයට. ඉන් පසු අවුරුදු 14 කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ.”

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *