කරකැවිල්ල, ක්ලාන්තය, වේගයෙන් හුස්ම ගැනීම නිසා බදුල්ල රෝහලට විශාල පිරිසක් පැමිණෙන්නේ ඇයි?
බදුල්ල ප්‍රදේශයේ පාසල් දැරියන් 9-20ත් අතර පිරිසක් සහ තරුණ තරුණියන් 7-8 දෙනකු සතිපතා විවිධ රෝග ලක්ෂණ සහිතව හදිසි ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන එන බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
මොවුන්ට කරකැවිල්ල, ක්ලාන්තය, වේගයෙන් හුස්ම ගැනීම, පපුවේ කැක්කුම, අතේ පයේ හිරි ගතිය, අතේ පයේ ඇඟිලි ඇදවීම, පපුවේ ගැස්ම වැඩිවීම, හුස්ම ගැනීමේ අපහසුව, අධික ලෙස දහඩිය දැමීම, ඇතැම් විට සිහිමද බව, තොල් – කට වියළි බව, දැඩි නිදිමත බව, තොල්වල හිරිගතිය, අත්පා දරදඬුවීම ආදී ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වන බව හෙතෙම තවදුරටත් පැවැසීය.
වෛද්‍යවරයා මෙසේ ද පැවසීය.
මෙය බොහොමයක් විට දරාගත නොහැකි අනියත බියක් ඇතිවීම (panic attack) ලෙස හඳුවන්න පුළුවන්. ජීවිතය පිළිබඳ අනියත බියක්, හුස්ම ගැනීමට නොහැකි වේයැයි ඇති වන බියක්, ඇතැම් අවස්ථා කළමනාකරණය කර ගැනීමට නොහැකි වේයැයි බිය නිසා ඇතිවිය හැකියි.
ඇතැම් විට දියවැඩියාව, හතිය, තයිරොයිඩ් හොමෝන වැඩිවීම, දරු ප්‍රසූතියකට පසුව කනේ ආබාධ ආදී රෝගී තත්ත්වයන් නිසාද මෙසේ සිදුවිය හැකියි.
රෝගියා වේගයෙන් හුස්ම ගන්නේ නම් තත්පර 5කට වරක් හුස්ම ගන්න උපදෙස් දෙන්න. නැත්නම් නාසයෙන් හුස්ම ගෙන තොල් වසාගෙන එතුළින් හුස්ම පිටකරන්න උපදෙස් දෙන්න.
මෙය මානසික ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නක් නිසා මානසික උපදෙස් මගින් නිට්ටාවටම සුවකළ හැකියි. එනිසා කලබල නොවී රෝගියා රෝහලට රැගෙන ඒම කළ යුතුයි.
මෙය අනියතම බියක්, කිසිදා ඇත්ත නොවන හැඟීමක් බව දරුවාට තේරුම් කර දෙන්න. සාමාජීය වටපිටාව ගැන අවබෝධයක් දරුවට දෙන්න. මෙම කරුණු දැන සිටීම විශේෂයෙන් පාසල් ගුරුවරුනට බෙහොම වැදගත් වෙයි කියා සිතනවා.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

