ජනපති අනුරට පකිස්තානයෙන් විශේෂ ඇගයීමක්…
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමතිගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපති මේ බව ප්‍රකාශ කළේ, මෙරටට පැමිණ සිටින පාකිස්තානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් ඇමති Syed Mohsin Raza Naqvi, විදේශගත පාකිස්තානු ජාතිකයින් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් ඇමති chaudhry Salik Hussain යන අය ඇතුළු නියෝජිත පිරිස අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපති පාකිස්තාන අගමැතිට සිය කෘතඥතාව පළ කළේය. දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහායද ජනපති කෘතවේදීව අගය කළේය.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර දිසානායක පාකිස්තාන අගමැති සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව මෙහිදී සඳහන් කළ ඇමති Syed Mohsin Raza Naqvi ඒ පිළිබඳ පාකිස්ථාන අගමැති වෙනුවෙන් ජනාධිපති වෙත සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකා රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිසට පිරිනමන ලද සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ මිත්‍රශීලි සහයෝගය පිළිබඳවද ඇමති වැඩිදුරටත් කෘතඥතාව පළ කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපය තුළත් ඉන් පිටතදීත් සහයෝගයෙන් කටයුතු කිරීම පාකිස්තානයේ අභිප්‍රාය බව සඳහන් කළ නියෝජිත පිරිස එහිදී ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහාය අගයමින් විශේෂයෙන් දෙරට අතර ආයෝජන, ශ්‍රම වෙළෙඳපොළ සහ සංචාරක කර්මාන්තයට අදළ කරුණු පිළිබඳ ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළහ.
කම්කරු ඇමති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන අය සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් Mag.Gen.(R) Faheem UL Aziz පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Sumair Ahamad Syed, ශ්‍රී ලංකාවේ පාකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් Zunaira Latif යන මහත්ම මහත්මීහු ඇතුළු පාකිස්තාන රජයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

