Latestදේශීය

වරද පිළිගත් තිසරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් ඊයේ (20) තීරණය කර තිබේ.

මෙසේ සිරදඬුවම් පනවා ඇත්තේ තිසර වේරගලගේ නම් ඇත්තේ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්ටය.

ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී ඔහු විසින් ඇයව තියුණු ආයුධයකින් පහරදී රථගාලකදී ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනය වූයේ නිරෝධා නිවුන්හැල්ල නම් අවුරුදු 32ක කාන්තාවක් වන අතර, ඇය ඔහුගේ විවාහක බිරිඳ වුවත් කලක සිට ඔවුනොවුන් වෙන් වෙන්ව ජීවත්ව ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ආරම්භයේ දී ඔහු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කර සිටියේය.

කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ පැවති නඩු විභාගයකදී ඔහු වරද පිළිගත් අතර, එහි තීන්දුව ඊයේ (20) ප්‍රකාශයට පත්කරන බව එදින දැන්වීය.

ඒ අනුව වරද පිළිගත් ලාංකිකයාට එම අධිකරණය මෙම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම පනවා තිබේ.

අදාළ නඩු විභාගයේ දී අනාවරණය වී ඇත්තේ ඝාතනයා විසින් අදාළ කාන්තාවට සෙන්ටිමීටර 15ක පමණ වූ උල් පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි.

ඔහු විසින් ඇගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුකර තිබූ අතර, නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.

අදාළ ප්‍රහාරය කෙතරම් දරුණුද යත්, ප්‍රහාරයට භාවිතා කළ පිහියේ මිට පවා කැඩී ගොස් තිබේ.

මෙම යුවළ මිතුරෙකු හරහා මුණගැසී 2017 දී ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති අතර, පසුව දෙදෙනාම වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍යයට ගොස් ඇත.

පසුව 2022 වසරේ දී කාඩිෆ් වෙත පදිංචියටද ගොස් ඇති බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් කලක් ගතවද්දී ඔවුන් දෙදෙනාගේ විවාහයේ ගැටලු ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේ සිට නිවාස දෙකක ජීවත් වී ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *