Latestදේශීය

මහවැලි ගඟ ද්‍රෝණියට ගංවතුර නිවේදන නිකුත් වෙයි

මහවැලි ගංගාවේ ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය මහවැලි ගඟ  ද්‍රෝණියේ කින්නියා, මූතුර්,සේරුවිල , වැලිකන්ද , ලංකාපුර, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතී.

තවද මඩකලපුව – පොළොන්නනරුව මාර්ගය ගල්ලෑල ප්‍රදේශයෙන් ද සෝමාවතී රජමහා විහාර පිවීසුම් මාර්ගයද සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගයද ,සෝමාවතී රජමහ විහාරය අවට ප්‍රදේශයට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් මෙතැන් සිට ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් ද එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ,ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් අපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා  සිටියි

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *