Latestදේශීය

වෙඩික්කරු අත්අඩංගුවට

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පලට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් තිබේ.

කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමයකු බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ මෝටර් රථය හා රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ඊයේ (21) පස්වරුවේ  අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *