අයිස් සමග අත්අඩංගුවට ගත් නීතිඥයා බන්ධනාගාරයට
අයිස් මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් 56 හැවිරිදි නීතිඥවරයෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
කළුබෝවිල සරණංකර පාර පදිංචි මෙම නීතිඥයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
එම නීතිඥවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 130ක්, කුඩා වීදුරු කැබැල්ලක්, බටයක් ආකාරයෙන් සකසාගත් රුපියල් 20ක මුදල් නෝට්ටුවක් මෙන්ම උපත් පාලන කොපු 06ක්, ළදරු තෙල් බෝතලයක්, නීතිඥ හැඳුනුම්පතක්ද හා පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී 1996 වර්ෂයේ නීතිඥ වෘත්තියේ දිවුරුම්දුන් අයෙක් බවට අනාවරණය වී ඇතැයිද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය නීතිඥ වෘත්තියේ යෙදෙන අයෙක් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රවය පානය කරමින් සිටියදීය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

