“පොඩි ලැසී” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
අධිකරණයෙන් ඇප ලැබීමත් සමඟ මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලාගොස් සිටියදී මුම්බායිහිදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී නමැත්තා සම්බන්ධයෙන් වූ ඉන්දියාවේ පැවති නඩු කටයුතු අවසන් වීම හේතුවෙන් ඔහුව මෙරටට භාරදීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබිණි.
දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ වසරකට වැඩි කාලයක් රඳවාගෙන විමර්ශනයට ලක්වූ පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරයේ ද වසර ගණනාවක්ම සිටියේය. බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට නියම වූ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 10ක් වූ මුදල් ඇපයක් මත නිදහස ලබන්නේ 2024 වසරේ දෙසැම්බර් 09 වැනිදාය.
ඇප ලැබීමෙන් අනතුරුව නීතිඥවරුන්ගේත් සිය හිතවතුන්ගේත් වාහන කිහිපයක් පෙරටු කරගෙන බළපිටියේ සිට කොළඹ දෙසට ගමන් කළ පොඩි ලැසී හලාවතත් මීගමුවත් අතර යම් ස්ථානයක දින දෙකක කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලාගොස් තිබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

