Latestදේශීය

සලේ අත්අඩංගුවට ගැනීම සහ කලබල කල්ලිය

පාස්කු ඉරිදා දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ගැඹුරු විමර්ශනවලට අදාළව හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ අත්තඩංගුවට ගැනීමත් සමඟ රාජපක්ෂ පවුලේ සමීපතමයින් රැසක් දැඩි සේ කලබල වී සිටිති.

එසේ කලබලයට පත් වී සිටින්නේ විවිධ අවස්ථාවල දී පිල්ලෙයාන්, කරුණා අම්මාන්, කේ.පී, දයා මාස්ටර් යන එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායකයින් ජාතික වීරයන් වශයෙන් සැලකූ තැනැත්තන් විසිනි. උදය ගම්මන්පිල, සරත් වීරසේකර, මොහොමඩ් අලි සබ්‍රි, මහාචාර්ය රොහාන් ගුණරත්න ආදීන් සුරේෂ් සලේ වෙනුවෙන් කලබලයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කර ඇත.

මේ අතර, දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ සුරේෂ් සලේ අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස කලබල වීම දැඩි ලෙස ප්‍රශ්න සහගත බව ය. පාස්කු ප්‍රහාරකයින් පිටුපස සිටි බලවේග හෙවත් මහ මොළ හඳුනා ගෙන දඬුවම් ලබා දීම යුක්තිය ඉටු කිරීම සහ දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ සහ 2020 අගෝස්තු මැතිවරණයෙන් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුවේ ද ඡන්ද පොරොන්දුවක් වී තිබිණි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වී මේ දක්වා සිදු කරන ලද ගැඹුරු විමර්ශනවලින් පසුව හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්තඩංගුවට ගනු ලැබීය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *