Latestවිදේශීය

බොලිවියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට – 11ක් මියයයි

බොලිවියාවේ දෙවන විශාලතම නගරය වන එල් ඇල්ටෝ හි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ගිනි නිවන නිලධාරීන් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

සැන්ටා කෲස් නගරයේ සිට ගමන් කිරීමෙන් පසු යානය එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී සිකුරාදා එරට වේලාවෙන් සවස 18:20 ට මෙම අනතුර සිදු වූ බව එරට ගුවන් ගමනාගමන පාලන අධිකාරිය පවසා ඇත.

ගුවන් තොටුපළ වසා දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සදහන් වේ.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල පිහිටි මෝටර් රථවල ගැටී ඇති බව ද වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *