Latestවිදේශීය

ඉරාන ආර­ක්ෂක හමු­දාව වැඩ කරන්නේ තනි මතයට 

ඉරාන විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව මේ වන­විට ස්වාධී­නව කට­යුතු කරන බවත්, ඔවුන් හමු­දාවේ ඉහළ නිල­ධාරීන්ගේ නියෝග පම­ණක් පිළි­ප­දින බවත් එරට විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. එරට ආර­ක්ෂක හමු­දාව පිට පිට දින දෙකක් ඇතු­ළත ඕමා­න­යට පහර දීමෙන් පසු විදේශ ඇමැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇත. ඕමා­නයේ ඩවු­කම් වරාය කේන්ද්‍ර කර­මින් එල්ල වූ එම ප්‍රහා­ර­ව­ලින් ඉන්ධන නෞකා­වක් ගිනි­බත් වූ අතර, අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඉරාන විදේශ ඇමැ­ති­ව­රයා සඳ­හන් කර ඇත්තේ ඕමා­න­යට පහ­ර­දීම ඉරාන රජයේ තීර­ණ­යක් නොවන බවය.

ඉලක්ක තෝරා ගැනී­මේදී ප්‍රවේ­ශම් සහ­ග­තව කට­යුතු කරන ලෙස ඉරාන රජය විප්ල­වීය ආර­ක්ෂක හමු­දා­වට දැනුම් දී ඇතැයි ද විදේශ ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.
@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *