ඉරාන ආරක්ෂක හමුදාව වැඩ කරන්නේ තනි මතයට
ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව මේ වනවිට ස්වාධීනව කටයුතු කරන බවත්, ඔවුන් හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ නියෝග පමණක් පිළිපදින බවත් එරට විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. එරට ආරක්ෂක හමුදාව පිට පිට දින දෙකක් ඇතුළත ඕමානයට පහර දීමෙන් පසු විදේශ ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත. ඕමානයේ ඩවුකම් වරාය කේන්ද්‍ර කරමින් එල්ල වූ එම ප්‍රහාරවලින් ඉන්ධන නෞකාවක් ගිනිබත් වූ අතර, අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ඕමානයට පහරදීම ඉරාන රජයේ තීරණයක් නොවන බවය.
ඉලක්ක තෝරා ගැනීමේදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස ඉරාන රජය විප්ලවීය ආරක්ෂක හමුදාවට දැනුම් දී ඇතැයි ද විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

