මැදපෙරදිග ගුවන් ගමන් යලි අරඹයි
ඩුබායි ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව, මැදපෙරදිගට මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඒ අනුව, කොළඹ සිට ඩුබායි දක්වා UL231 සහ ඩුබායි සිට කොළඹ දක්වා UL232 ගුවන් ගමන් අද(04) ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය සියලු ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වේ.
සේවා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන බැවින් මගීන්ගේ ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

