Latestවිදේශීය

ඉරානයේ අනාගතය මොජ්ටබා හොසේනි කමේනිට බාරදෙයි

ඉරා­නයේ නව උත්ත­රී­තර ආධ්‍යා­ත්මික නාය­කයා ලෙස අය­තුල්ලා අලි කමේ­නිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටබා හොසේනි කමේනි තෝරා පත්ක­ර­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අය­තුල්ලා අලි කමේ­නිගේ මර­ණ­යෙන් පසු නව නාය­ක­යකු වහාම පත් කර­ගන්නා ලෙස එරට ඉස්ලා­මීය විප්ල­ව­වාදී ආර­ක්ෂක බළ­කාය දිගින් දිග­ටම එරට රජ­යට බල­පෑම් කර ඇති අතර, සාමා­ජි­ක­යන් 88 දෙන­කු­ගෙන් සම­න්විත ආග­මික කවු­න්සි­ලය නව නාය­කයා ලෙස 56 හැවි­රිදි මොජ්ටබා පත් කර­ගෙන ඇත්තේ පෙරේදා රහ­සි­ගත ස්ථාන­යක පැවති රැස්වී­ම­කදී බව ද වාර්තා වේ. ආග­මික කවු­න්සි­ලයේ රැස්වීම පැවැ­ත්වෙන බවට අනු­මාන කර­මින් ඊට පැය කිහි­ප­ය­කට පෙර ඊශ්‍රා­යල හමු­දාව දකුණු ටෙහෙ­රා­නයේ කෝම් ප්‍රදේ­ශයේ පිහිටි එම කවු­න්සි­ලයේ පැරණි මූල­ස්ථාන ගොඩ­නැ­ඟි­ල්ලට දරුණු ප්‍රහා­ර­යක් එල්ල කර ඇති අතර, ඉරා­නයේ ටස්නිම් පුවත් ඒජ­න්සිය සඳ­හන් කර ඇත්තේ එම භාවි­ත­යෙන් ඉවත් කළ පැරණි ගොඩ­නැ­ඟි­ල්ලක් බවය.

හිටපු නායක අය­තුල්ලා අලි කමේ­නිගේ සමී­ප­තම ආග­මික නාය­ක­යකු වන අලි රීසා පනා­හි­යන් ප්‍රකාශ කර ඇත්තේ සිය නාය­ක­යාගේ ඝාත­න­යට පළිගැනීම නව නාය­කයා හමුවේ ඇති අභි­යෝ­ග­යක් බවය.

කමේ­නිගේ ඝාත­න­යට පළිගැනී­මට අස­ම­ත්වීම අනා­ගත නාය­ක­යන්ගේ ආර­ක්ෂාව අන­තුරේ හෙළී­මක් බවද ඔහු සඳ­හන් කළ බව ඉරාන් ඉන්ට­ර්නැ­ෂ­නල් පුවත් සේවය වාර්තා කළේය. අමෙ­රි­කාව සමඟ කිසිදු ආකා­ර­යක සටන් විරා­ම­ය­කට එකඟ නොවන ලෙසත් අලි රිසා ඉරාන රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රා­ය­ල­යට සහ අමෙ­රි­කා­වට එරෙ­හිව අඛ­ණ්ඩව සටන් කිරිමේ හැකි­යාව සිය හමු­දාව සතුව පව­තින බවත්, අමෙ­රි­කාව සමඟ ගැටුම සම­ථ­ය­කට පත් කර­ගැ­නිමේ කිසිදු අද­හ­සක් නොමැති බවත් අය­තුල්ලා කමේ­නිගේ උප­දේ­ශ­ක­ව­ර­යකු වන මොහො­මඩ් මොකා­බර් ද ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *