පාස්කු දින ප්‍රහාරයේ තෙවැනි සැකකරු සලේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයේ තෙවැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (5) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාරගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.
එම සිද්ධියට අදාළව 2026ක් වූ පෙබරවාරි මස 25 වැනි දින අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව ඔහු මේ වන විට අවසරය මත දින 90ක් රඳවා ප්‍රශ්න කරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවකු ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි මහේස්ත්‍රාත්වරයා එහිදී විමසා සිටියේය.
තොරතුරු දැන සිටියදී පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සහ ඊට ආධාර අනුබල දීම සුරේෂ් සලේ නමැති සැකකරුට ඇති චෝදනා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු රැඳවුම් නියෝග මත සිටින බැවින් සැකකරු නිරීක්ෂණය කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව නැඟෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම්කර ඇත.
පාස්කු ප්‍රහාර මාලාවට පෙර සිදු වූ වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධව මෙම විමර්ශනය සිදු කරනු ලබයි. සිදු කරනු ලබන විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

