Latestදේශීය

ජපන් නෞකාවට නාවික හමුදාවෙන් ආධාර

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට ඊයේ (06) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, හදීසියේ ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වෙත හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට (Medical Evacuation- MEDEVAC) නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසට, එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුණු  දැනුම් දීමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම රෝගියා  ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ එම මුහුදු ප්‍රදේශය‍ වෙත කඩිනමින් යොමු කෙරිණි.

ඒ අනුව, එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී  ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *