Latestදේශීය

තෙල් මිලෙහි වෙනස්වීම දරාගැනීමට හැකි ආර්ථිකයක් අපිට තියෙනවා – මහබැංකු අධිපති

මැදපෙරදිග ගැටුමෙන් ඇතිවන මිල කම්පන අවශෝෂණය කර ගැනීමට තම රට `හොඳ තත්ත්වයක’ සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පල කරයි.

ඔහු 2050 ආසියාව IMF සමුළුවට සමගාමීව බ්ලූම්බර්ග් සඟරාවට හස්ලින්ඩා අමීන් සමඟ පැවති සම්මුඛ සාකච්චාවේදී මේ බව අවධාරණය කර ඇත.

ඉන්ධන අර්බුදයකට මුහුණ දීම ලංකාව පෙර කවරදාටත් වඩා සූදානම් බවත් ගෝලීය වෙළද පොළ තුළ ඛණිජ තෙල් ඇති තාක් කල්, ඒවා මිලදී ගැනීම සදහා ප්‍රමාණවත් ඩොලර් රට සතු බව මහබැංකු අධිපති එහිදී පවසා තිබේ.

රට ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබුණු 2022 වසරේ ගැටළුව වී තිබුණේ ඉන්ධන මිලදී ගැනීම සදහා ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිතයක් රට තුළ නොපැවතීම බව පවසන මහබැංකු අධිපති, මේ වනවිට බිලියන 07 ඉක්ම වූ ඩොලර් සංචිතයක් රට තුළ ඇති බව පවසයි.

“ඉන්ධන අර්බුදයක් ඇති විය හැක්කේ සැපයුම් දාමයේ බිද වැටීමක් හේතුවෙන් පමණි. එසේ නොමැතිව ඉන්ධන මිලදී ගැනීම සදහා ඩොලර් නැති වීම හේතුවෙන් නොවේ.” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් සමග වැඩිචුරටත් පවසා තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *