Latestදේශීය

විමල්ගේ නඩුව මාර්තු 18

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 18වැනි දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (09) දින නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවට කුරුදුවත්ත පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ වැඩිදුර විභාගය සඳහා දින නියම කළේය.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *