Latestවිදේශීය

ඉරානය මැදපෙරදිග රටවලට අනතුරු අඟවයි

ඉරා­නයේ යටි­තල පහ­සු­ක­ම්ව­ලට එල්ල වන අමෙ­රි­කානු – ඊශ්‍රා­යල ප්‍රහාර තව­දු­ර­ටත් සිදු­වන්නේ නම් මැද­පෙ­ර­දිග රට­වල අමෙ­රි­කානු හමුදා කඳ­වුරු සහ තෙල් පිරි­ප­හදු ඇතුළු යටි­තල පහ­සු­ක­ම්ව­ලට අඛ­ණ්ඩව පහර දෙන බව ඉරාන ඉස්ලා­මීය විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආර­ක්ෂක හමු­දාවේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කර ඇත්තේ ඉරා­න­යට පහ­ර­දී­මට එරෙ­හිව අමෙ­රි­කා­වට සහ ඊශ්‍රා­ය­ල­යට මැද­පෙ­ර­දිග රට­වල් බල­පෑම් කළ යුතු බවය. එසේ නොමැති නම් මැද­පෙ­ර­දිග රට­ව­ල­ටත් ඒ හා සමා­නව පහර දෙන බවට ප්‍රකාශ කර ඇති ඉරාන විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව, තෙල් බැර­ලය ඩොලර් 200කට වඩා ඉහළ යෑම දරා­ගත හැකි­නම් තව­දු­ර­ටත් මේ ක්‍රීඩාව කර­ගෙන යන ලෙස සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.‍

සෞදි අරා­බිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේට්, කටාර්, ජෝර්දා­නය, බහ­රේන් සහ ඕමා­නය ඉලක්ක කර­මින් ඉරාන හමු­දාව අඛ­ණ්ඩව ප්‍රහාර එල්ල කර­මින් සිටින අතර, මේ දක්වා සිදු වූ ප්‍රහා­ර­ව­ලින් බර­ප­තළ හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ඉරාන ප්‍රහා­ර­ව­ලින් සෞදි අරා­බියේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර, පුද්ග­ල­යන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. වැඩිම හානිය සිදුවී ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් මරණ 4ක් වාර්තා වන අතර, තුවා­ල­ක­රු­වන් 112 දෙනකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අම­ත­රව බහ­රේන් සහ ඕමා­න­යෙන් එක් මර­ණ­යක් බැගින් වාර්තා වී ඇති අතර, තුවාල ලැබූ පිරිස පිළි­වෙ­ළින් 40ක් සහ 5ක් වශ­යෙන් වාර්තා වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කළේය. කටාර් රාජ්‍යයේ තුවාල ලැබූ පිරිස 16ක් බවත්, ජෝර්දා­නයේ පුද්ග­ල­යන් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *