Latestදේශීය

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක් අත්අඩංගුවට

විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටියි.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *