ඉරානය මැදපෙරදිග රටවලට අනතුරු අඟවයි
ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල වන අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් සිදුවන්නේ නම් මැදපෙරදිග රටවල අමෙරිකානු හමුදා කඳවුරු සහ තෙල් පිරිපහදු ඇතුළු යටිතල පහසුකම්වලට අඛණ්ඩව පහර දෙන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ඉරානයට පහරදීමට එරෙහිව අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මැදපෙරදිග රටවල් බලපෑම් කළ යුතු බවය. එසේ නොමැති නම් මැදපෙරදිග රටවලටත් ඒ හා සමානව පහර දෙන බවට ප්‍රකාශ කර ඇති ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව, තෙල් බැරලය ඩොලර් 200කට වඩා ඉහළ යෑම දරාගත හැකිනම් තවදුරටත් මේ ක්‍රීඩාව කරගෙන යන ලෙස සඳහන් කර ඇතැයි වාර්තා වේ.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේට්, කටාර්, ජෝර්දානය, බහරේන් සහ ඕමානය ඉලක්ක කරමින් ඉරාන හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මේ දක්වා සිදු වූ ප්‍රහාරවලින් බරපතළ හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ඉරාන ප්‍රහාරවලින් සෞදි අරාබියේ මරණ දෙකක් වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වැඩිම හානිය සිදුවී ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මරණ 4ක් වාර්තා වන අතර, තුවාලකරුවන් 112 දෙනකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව බහරේන් සහ ඕමානයෙන් එක් මරණයක් බැගින් වාර්තා වී ඇති අතර, තුවාල ලැබූ පිරිස පිළිවෙළින් 40ක් සහ 5ක් වශයෙන් වාර්තා වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. කටාර් රාජ්‍යයේ තුවාල ලැබූ පිරිස 16ක් බවත්, ජෝර්දානයේ පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

