Latestදේශීය

මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා මධූෂ් විසින් ලබා දුන් තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධූෂ්ව එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී, මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබිණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබී ඇති අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් වන විමර්ශන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *