රුපියල් බිලියන 10ක මත්ද්‍රව්‍ය දික්ඕවිටින් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ දින ගණනාවක් පුරා සිදු කළ විශේෂ ආවේක්ෂණ මෙහෙයුමකින්, රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි සහ නවීන සන්නිවේදන උපකරණ සහිත ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
අද (12) පෙරවරුවේ එම ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් දසදෙනා දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ අතර, එම අවස්ථාව නිරීක්ෂණය සඳහා පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මත්ද්‍රව්‍ය උර 48ක මෙම මත්ද්‍රව්‍ය බහා තිබූ අතර, ගිනි අවි 11ක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක්ද එම යාත්‍රා තුළ තිබී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට සමගාමීව , නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි.
මත්ද්‍රව්‍ය, නීති වීරෝධී අවි ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි එකිනෙකට බැඳි ඇති බවත්, ඒවායින් සිදුවෙන බලපෑම් මැඩ පැවැත්වීම සඳහා රජය ගෙනයන සැලසුම්සහගත වැඩපිළෙිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඒ් මහතා පැවසීය. මෙම නීති විරෝධී විෂ මත්ද්‍රව්‍ය රට තුළට ගෙනැවිත් ,රටේ මහජනතාවට , රට තුළ තිබෙන සාමකාමී වාතාවරණයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කිරීමට එම පිරිස් උත්සාහදරන බවත් එවැනි පිරිස් මෙම ජාවාරම්වල නිරතවන බවද ඒ් මහතා පෙන්වා දුන්නේය.
මෙම අත්අඩංගුවට ගැනීම් එක් දිනකදී සිදු කරන ලද්දක් නොවන බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් බලකාය දින ගණනාවක් තිස්සේ මුහුදේ ආවේක්ෂණ කටයුතු සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇතැයිද ඒ් මහතා සඳහන් කළේය. ධීවරයන් යැයි පවසමින් , ධීවර කටයුතු වල නිරත වෙමින් මෙම පිරිස් මෙම ජාවාරම්වල යෙදී ඇති බවත්, අත්අඩංගුවට ගත් අවි ආයුධ තොගය අතර පිස්තෝල 08ක්, යාන්ත්‍රික තුවක්කු 03ක් සහ ටී 56 අවි ඇතුළත් බවද කීය.
ධීවර ප්‍රජාව ඇතුළු සියලු පුරවැසියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටිය යුතු බවත්, විෂමත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි ඇතොත් 1818 හෝ 1997 කෙටි දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
රජයක් වශයෙන් පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සෑම විටම වග වෙන බවත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වීමට කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවත් අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට රජය වගකීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අදමිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

