ඩීසල් ලීටර් 19000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කැලණිය කොට්ඨාශයේ බියගම පොලිස් වසමේදී වංචනිකව ගබඩා කරගෙන සිටි ඩීසල් ලීටර් දහනවදහස් හැටක් (19,060L) සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බියගම පොලිස් වසමේ අංක 16/2, පහළ බියගම, බියගම ලිපිනයේ පරණ යකඩ එකතු කරන වැඩපල තුළදී ලොරි රථවලින් ඩිසල් වංචනික ලෙස ලබාගෙන ගබඩා කරමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු අංක LG 9628 හා LK 0506 දරණ බව්සර් රථ සමග කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 04 දෙනානේ ප්‍රධාන ජාවාරම් කරු වන්නේ අංක 627/2, හෙයියන්තුඩුව, බියගම ලිපිනයේ මිගමගේ සංජිව ප්‍රසාද් නැමැත්තාය.
අනෙක් තිදෙනා වන්නේ අංක D96/B, ඉහළ මොරවක, නෙළුම්දෙනිය ලිපිනයේ පදිංචි පිටදුව හේවගේ තීක්ෂණ දිනෙත්, බජ්ගම වත්ත, පලල්පිටිය, තිහගොඩ ලිපිනයේ පදිංචි මුණසිංහ ආරචිචගේ තාරුක සංජිව සහ අංක D96/B, ඉහළ මොරවක, නෙළුම්දෙනිය ලිපිනයේ පදිංචි පිටිදූව හේවායලාගේ මලිත් සචින්ත පබසර යන අයයි.
එම වැටලිමෙන් ඩීසල් ලීටර් 19,060ට අමතරව මුදලින් රුපියල් තුන්ලක්ෂ අසූ එක්දාහක්ද (රු. 381,000) පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් හා දේපළ බියගම පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර තිබේ.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

