ලෝක වෙළදපොලේ තෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400 ක වාර්තාගත සංචිතයක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ ඒකමතිකව එකඟ වී තිබියදීත් මෙම මිල ඉහළ යාම සිදුව තිබේ.
බදාදා දින අවසානයේ ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 8.7% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාවේ පැවතුණි.
එමෙන්ම අමෙරිකානු තෙල් මිල දර්ශකය වන WTI මිලද 8.7% කින් ඉහළ ගොස් ඩොලර් 94.8 ක් ලෙස වාර්තා විය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

