Latestදේශීය

කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) නියෝග කර තිබේ.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගෙන් එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් පසු ඔහු මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම සිදුවීමට අදාළවම ඔහුගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී සිටී. මොවුන් ප්‍රංශ එයාබස් සමාගමෙන් පගාව ලබාගෙන ඇති බවට විදෙස් අධිකරණයක පැවති නඩුවකදීද තහවුරු විය. මොවුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් එම ප්‍රංශ එයා බස් සමාගමට විදේශ අධිකරණයකින් දඩයක්ද නියම කර තිබිණි.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *