ලෙබනනයෙන් වහාම ඉවත් වන්න – ඕස්ට්‍රේලියානු රජය කියයි
මැදපෙරදිග කලාපයේ පවතින “පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය” සැලකිල්ලට ගනිමින්, ලෙබනනයේ සේවය කරන අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වහාම එරටින් පිටව යන ලෙස ඕස්ට්‍රේලියානු රජය අද [13] වන දින නියෝග කර තිබේ.
කලාපීය ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීම සහ හදිසි හමුදාමය ගැටුම් ඇතිවීමේ අවදානම නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ .
ලෙබනනයට අමතරව ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිටින අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට ද පිටව යන ලෙස මීට පෙර දන්වා තිබුණි.
එරට වෙසෙන ඕස්ට්‍රේලියානු වැසියන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් අදාළ රටවල රැඳී සිටිනු ඇත.
දැනට ලෙබනනයේ සිටින ඕස්ට්‍රේලියානු වැසියන්ට වාණිජ ගුවන් ගමන් පවතින අවස්ථාවේදීම වහාම පිටව යන ලෙසත්, තවදුරටත් ප්‍රමාද නොවන ලෙසත් රජය අවධාරණය කරයි.
තත්ත්වය නරක අතට හැරුණහොත් ගුවන් සීමා වැසීමට හෝ ගුවන් ගමන් අවලංගු වීමට ඉඩ ඇති බැවින් එය “අවසාන අවස්ථාව” විය හැකි බවට විදේශ අමාත්‍යවරිය වැඩි දුරටත් අනතුරු අඟවා තිබේ .
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

