Latestදේශීය

බටුවත්ත චාමරගේ බිරිඳගේ ලක්ෂ 400ක් වටිනා සුපිරි නිවස තහනම් කෙරේ

ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමර යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (13) පියවර ගෙන තිබේ.

ඒ බටුවත්ත චාමර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙනි.

මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් 4දෙනෙකු අද ඉන් පිටව ගියහ.

බටුවත්ත චාමර යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මීට පෙර මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර අවස්ථා 3කදි මෙම නිවස ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් ද සිදුවී තිබේ.

අවසන්වරට පසුගිය 7 වැනිදා ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගිය බව පොලීසිය සඳහන් කරයි.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *