Latestවිදේශීය

හෝමුස් සමුද්‍ර සන්ධිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා – ඉරානය

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා කිසිදු රටකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය කලාපය තුළ අස්ථාවරත්වයක් ඇති කර තිබෙන බැවින්, දැනට මෙම මුහුදු මාර්ගය හරහා නැව් ගමනාගමනය සිදුවන්නේ විශේෂ කොන්දේසි යටතේ බව ඔහු සඳහන් කරයි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරාන සන්නද්ධ හමුදා සතු බවත්, තමන්ගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට වෙරළබඩ රටක් ලෙස ඉරානයට අයිතියක් ඇති බවත් ඔහු පවසයි.

ඓතිහාසිකව මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂකයා වූයේ ඉරානය වුවද, වර්තමානයේ ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වයට වගකිව යුත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය බව ඔහු චෝදනා කරයි.

ලෝකයේ තෙල් ප්‍රවාහනයට ඉතා වැදගත් වන මෙම මුහුදු මාර්ගය, තමන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරන රටවලට භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය දැඩිව ප්‍රකාශ කර සිටී.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *