Latestවිදේශීය

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානය විසින් පහරදුන් වීඩියෝ හුවමාරු කළ පුද්ගලයින්ට බහරේනයෙන් නඩු

අමෙ­රි­කානු සහ ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලට ප්‍රති­චාර ලෙස ඉරා­න­යෙන් එල්ල වන ගුවන් ප්‍රහාර වීඩියෝගත කිරිමේ සහ හුව­මාරු කර­ගැ­නීමේ චෝද­නා­වට පාකි­ස්තාන ජාති­ක­යන් පස්දෙ­නකු බහ­රේන් රාජ්‍යයේදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇතැයි පාකි­ස්තා­නයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉරාන ප්‍රහා­ර­ව­ලින් බහ­රේ­න­යට සිදුවු බල­පෑම් වීඩියෝගත කිරිම, සමාජ මාධ්‍ය ජාල­යට මුදා හැරීම සහ නැවත නැව­තත් පළ කිරිම ඇතුළු චෝදනා එල්ල වී ඇති පාකි­ස්තාන ජාති­ක­යන්ට නීති­මය සහාය ලබා­දී­මට හෝ යුද අර්බු­ද­යක් අත­ර­තුර විදේශ රටක සිටින සිය පුර­වැ­සි­යන් යළි ගෙන්වා ගැනී­මට පාකි­ස්තාන රජ­යට ඇති හැකි­යාව සම්බ­න්ධව ගැටලු මතු වී ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පාකි­ස්තාන ජාති­ක­යන් පස්දෙ­නකු ඇතු­ළුව ආසි­යා­ති­ක­යන් 6 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව බහ­රේන් රජය නිවේ­ද­නය කර ඇති අතර, එරට පොලිස් මාධ්‍ය මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කර ඇත්තේ සැක­ක­රු­වන් ජාතික ආර­ක්ෂා­වට සහ මහ­ජන සාම­යට හානි­වන ආකා­ර­යෙන් සහ මහ­ජ­න­තාව අතර භීතිය පැති­ර­වී­ම­ටත් දායක වී ඇති බවය. ඔවුන්ට එරෙ­හිව මේ වන විට නඩු පවරා ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *