බදාදා රජයේ නිවාඩු දිනයක්
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සැපයුම් ගැටලුවට මුහුණදීම සඳහා, නැවත දැනුම් දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
ඊයේ (16) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
තවද, වැඩකරන සතියේ ඉතිරි දින හතර තුළ සේවා ස්ථානවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලය ලබා දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

