Latestදේශීය

අද පාර්ලිමේන්තුව නිහඩයි

පව­තින තත්ත්වය හේතු­වෙන් සෑම බදාදා දින­යක්ම රජයේ නිවාඩු දින­යක් බවට පත් කිරීම සැල­කි­ල්ලට ගෙන අද (18) පාර්ලි­මේ­න්තුව රැස් නොවී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (17) පැවති පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා­වේදී මෙම තීර­ණය ගෙන ඇත.

ඒ අනුව 19 වැනිදා 9.30 – පෙර­වරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳ­හන් පාර්ලි­මේන්තු කට­යුතු සඳහා වෙන්කර ඇත. පෙර­වරු 11.30 සිට ප.ව. 2.00 දක්වා කොළඹ වරාය නග­රය ආර්ථික කොමි­ෂන් සභාව පනත යටතේ නියෝග විවා­ද­යට ගැනී­මෙන් අන­තු­රුව අනු­මත කිරී­මට මෙහිදී තීර­ණය වී ඇත. එසේම, පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා ලෝකයේ පව­තින වර්ත­මාන තත්ත්වය පිළි­බඳ සභාව කල්තැ­බීමේ යෝජ­නාව විවා­ද­යට ගැනී­මට නිය­මි­තය. 20 වැනි­දාද එම විවා­දය පැවැ­ත්වී­මට නිය­මිත වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *