Latestදේශීය

තවත ඉන්ධන නෞකාවක් කොළඹ වාරයට

ශ්‍රී ලංකාව විසින් ඇණ­වුම් කරන ලද ඉන්ධන තොග­යක් රැගත් නෞකා­වක් කොළඹ වරා­යට ඊයේ (17) පැමිණ තිබේ.

‘සීෆ්‍රො­න්ටි­යර්’ (Seafrontier) නමැති මෙම නෞකාව ඊයේ උදෑ­සන කොළඹ වරායේ ඩොල්පින් ජැටිය වෙත සේන්දු වූ බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

මෙම නෞකාව මගින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000 ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000 ක් හා සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800 ක් මෙර­ටට ගෙන­විත් තිබේ.

නෞකාවේ ඇති ඉන්ධන තොග මේ වන විට මුතු­රා­ජ­වෙල සහ කොලො­න්නාව යන ඉන්ධන ගබඩා පර්යන්ත වෙත ගොඩ­බෑ­මට අවශ්‍ය කට­යුතු සූදා­නම් කර ඇත.

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින අර්බු­ද­කාරී වාතා­ව­ර­ණය හමුවේ වුවද, මෙරට බල­ශක්ති අව­ශ්‍ය­තාව අඛ­ණ්ඩව සපු­රා­ලීම සඳහා රජය ගෙන ඇති වැඩ­පි­ළි­වෙළ යටතේ මෙම ඉන්ධන තොගය මෙර­ටට ලැබී ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *