Latestදේශීය

තවත් ගෑස් නැවක් දිවයිනට

ද්‍රව පෙට්‍රෝ­ලි­යම් ගෑස් (LPG) රැගත් නෞකා­වක් ඊයේ (18) උදෑ­සන උස්වැ­ට­කෙ­යි­යාව තල්දි­ය­වත්ත, ගෑස් ගොඩ­බාන බෝයාව වෙත පැමිණ ඇත. ගෑස් ගුඩ්විල් (gas goodwill) නම් මෙම නෞකා­වෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් මෙර­ටට ගෙන­විත් තිබේ.

මීට අම­ත­රව මේ මස 21 හා 24 අතර දින­වල ෆරැ­න්කො­යිස් (Francois) නෞකා­වෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් හා මාර්තු 23 හා 24 දින­වල ගෑස් ගුඩ්විල් (gas goodwill) නෞකා­වෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් මෙර­ටට ගෙන ඒමට නිය­මි­තව ඇත. මාර්තු 25ත් 23ත් අතර දින­වල කොරි­න්දෑ­යින් (corinthian) නෞකා­වෙන් ගෑස් මෙට්‍රික් ටොන් 2,900ක් හා මාර්තු 28 හා 29 දින­වල ගෑස් ගුඩ්විල් (gas goodwill) නෞකා­වෙන් ගෑස් මෙට්‍රික් ටොන් 2,514ක් ද වශ­යෙන් මෙර­ටට ගෙන ඒමට සැල­සුම් කර ඇත. ඒ අනුව මෙම මාර්තු මාසය මෙර­ටට ගෙන්වී­මට සැල­සුම් කර ඇති ගෑස් ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 38,000කි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *