ඉරානයේ ආරක්ෂක ප්රධානියා සහ පැරාමිලිටරි නායකයා මියයයි
ඉරානයේ ආරක්ෂක ප්රධානී අලි ලරිජානි අමෙරිකානු- ඊශ්රායල ඒකාබද්ධ ගුවන් ප්රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය නිල වශයෙන් නිවේදනය කළ තිබේ. ආරක්ෂක ප්රධානියා සමඟ ඔහුගේ පුත්රයා වන මොර්ටසා සහ තවත් ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු ද ප්රහාරයෙන් මියගිය බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය තහවුරු කළ බව එරට මෙහ්ර් පුවත් ඒජන්සිය ද සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ ප්රධානතම උපදේශකවරයා ලෙස ද කටයුතු කළ 67 හැවිරිදි ලරිජානි අමෙරිකානු සහ ඊශ්රායල ප්රහාරයේ ආරම්භයේ සිටම ඉරාන හමුදා සඳහා උපදෙස් ලබා දුන් ප්රධානතම පුද්ගලයා වන අතර, ටෙහෙරාන් අගනුවර නිවාස සංකීර්ණයකට එල්ල කළ ප්රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පසුගියදා ඊශ්රායල ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස් පළමුවරට ප්රකාශ කර තිබිණි.
ටෙහෙරාන් නුවර පදිංචි ඉරාන ජාතිකයන්ගෙන් ඊශ්රායල බුද්ධි සේවාවට ලැබුණු විශ්වාසනීය තොරතුරු මත එම ප්රහාරය එල්ල කළ බව ඊශ්රායලය ප්රකාශ කර ඇති අතර, තවත් ප්රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ බාසිජ් පැරාමිලිටරි ඒකකයේ ප්රධානී ගෝලම් රීසා සොලේමානි ද ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු වී තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

