Latestදේශීය

අප්‍රේල් මාසයේ තෙල් නැව් 5ක් එනවා

එළ­ඹෙන අප්‍රේල් මාසය අව­සා­නය දක්වා මෙර­ටට අවශ්‍ය ඉන්ධන ඇණ­වුම් සියල්ල මේ වන විට ස්ථීර කර අව­සන් බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මයුර නෙත්ති­කු­මා­රගේ මහතා සඳ­හන් කළේය. අප්‍රේල් මාස­යට අදාළ ඉන්ධන නැව් 5ක ඇණ­වුම් පසුගිය දා (18) ස්ථීර කර ඇති බවද ඒ මහතා පැව­සීය.

අලු­තින් සිදු කළ ඇණ­වුම් සමඟ අප්‍රේල් මස අව­සා­නය දක්වාම අඛ­ණ්ඩව ඉන්ධන සංචිත ලැබෙ­මින් පව­තින බවද ඔහු පැව­සීය. ඒ අනුව ඉදිරි කාල­සී­මාව තුළ ඉන්ධන සැප­යුම සම්බ­න්ධ­යෙන් කිසිදු ගැට­ලු­වක් ඇති නොවන බවට සංස්ථාව සහ­තික වන බවද ඔහු කීය. ජාතික ඉන්ධන බල­ප­ත්‍රය (QR) පද්ධ­තිය සම්බ­න්ධ­යෙන් පැවති තාක්ෂ­ණික දෝෂ මේ වන විට සම්පූ­ර්ණ­යෙන්ම විසඳා ඇති බව ද අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දෙයි. විශේ­ෂ­යෙන්ම මීට පෙර පැරණි කෝටා­වන් සම්බ­න්ධ­යෙන් ගැටලු පැන­නැ­ඟුණු පුද්ග­ල­යන්ගේ ගැටලු ද මේ වන විට නිරා­ක­ර­ණය කර ඇති බවද කීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *