Latestදේශීය

ඉන්ධන තොග රැස්කරන්නන් සොයා රටපුරා මෙහෙයුම්

ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් රැස්කළ 5ක් අත්අ­ඩං­ගු­වට

නීති­වි­රෝධි ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගන්නා පුද්ග­ල­යන් සොයා පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ උප­දෙස් මත බුද්ධි අංශ­වල සහය ඇතිව පොලී­සිය මෙහෙ­යුම් ආරම්භ කර ඇත. ඒ අනුව දිව­යිනේ ප්‍රදේශ රැස­කින් පසුගිය දා (18) දින ඉන්ධන තොග සඟ­වා­ගෙන සිටි පුද්ග­ල­යන් 05 දෙනෙකු ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

බස්නා­හිර, නැඟෙ­න­හිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කර­ග­නි­මින් සිදු කළ වැට­ලී­ම්ව­ලදී මෙම ඉන්ධන තොග සොයා­ගෙන ඇත. මීග­මුව පොලිස් වසමේ කටුව ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික බස් රථ හිමි­ක­රු­ව­කුට අයත් ආය­ත­න­යක් තුළ සිදු කළ වැට­ලී­ම­කදී, ඩීසල් ලීටර් 3,532ක් අඩංගු බවු­සර් රථ­යක් සමඟ එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

නැඟෙ­න­හිර පළාතේ ශ්‍රී පුර, ගැමු­ණු­පුර ප්‍රදේ­ශයේ නිවාස දෙකක සිදු කළ වැට­ලී­ම්ව­ලදී පෙට්‍රල් ලීටර් 390ක් සහ ඩීසල් ලීටර් 200ක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සමත් විය. උතුරු මැද පළාතේ මීග­ස්වැව පොලිස් වස­මට අයත් දිය­සෙ­න්පුර ප්‍රදේ­ශයේ වෙ‍ෙළ­ඳ­ස­ලක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 604ක් පොලිස් භාර­යට ගෙන ඇත. එහිදී එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මීට අම­ත­රව ඌව පළාතේ මොන­රා­ගල, වඩි­දු­ඹුර ප්‍රදේ­ශයේ නි‍ෙව­සක තිබී පෙට්‍රල් ලීටර් 270ක් සහ ඩීසල් ලීටර් 630ක් සොයා­ගෙන ඇත. එහිදී ද සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට පත්ව තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් වයස අවු­රුදු 21ත් 73ත් අතර පසු­ව­න්නන් වන අතර, ඔවුන් සම්බ­න්ධ­යෙන් ඉදිරි විම­ර්ශන කට­යුතු අදාළ පොලිස් ස්ථාන මඟින් ක්‍රියා­ත්මක වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *