ඉන්ධන තොග රැස්කරන්නන් සොයා රටපුරා මෙහෙයුම්
ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් රැස්කළ 5ක් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගන්නා පුද්ගලයන් සොයා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බුද්ධි අංශවල සහය ඇතිව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකින් පසුගිය දා (18) දින ඉන්ධන තොග සඟවාගෙන සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් සිදු කළ වැටලීම්වලදී මෙම ඉන්ධන තොග සොයාගෙන ඇත. මීගමුව පොලිස් වසමේ කටුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බස් රථ හිමිකරුවකුට අයත් ආයතනයක් තුළ සිදු කළ වැටලීමකදී, ඩීසල් ලීටර් 3,532ක් අඩංගු බවුසර් රථයක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැඟෙනහිර පළාතේ ශ්‍රී පුර, ගැමුණුපුර ප්‍රදේශයේ නිවාස දෙකක සිදු කළ වැටලීම්වලදී පෙට්‍රල් ලීටර් 390ක් සහ ඩීසල් ලීටර් 200ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. උතුරු මැද පළාතේ මීගස්වැව පොලිස් වසමට අයත් දියසෙන්පුර ප්‍රදේශයේ වෙෙළඳසලක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 604ක් පොලිස් භාරයට ගෙන ඇත. එහිදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ඌව පළාතේ මොනරාගල, වඩිදුඹුර ප්‍රදේශයේ නිෙවසක තිබී පෙට්‍රල් ලීටර් 270ක් සහ ඩීසල් ලීටර් 630ක් සොයාගෙන ඇත. එහිදී ද සැකකරුවකු අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 73ත් අතර පසුවන්නන් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අදාළ පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

