උසස් පෙළ විභාගයට අයැදුම් පත් කැඳවයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2026 විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (24) වැනිදා සිට අප්‍රේල් (24) දින දක්වා මාර්ගගතව සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හරහා නිවැරදිව මාර්ගගතව (Online) අයදුම්පත්‍ර යොමු කළ යුතුය.
එම විභාගය සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන්වේ.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් ඔබ වෙත ලබාදී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපදය (Password) භාවිත කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර තමා විසින්ම මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු වේ.
පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව දන්වයි.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් වීමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි.
ක්ෂණික දුරකථන -1911
දුරකථන අංක -0112785922, 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංක -0112784422
විද්‍යුත් තැපෑල – gcealexam@gmail.com
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

