Latestවිදේශීය

ඇමරිකාවෙන් ඉරානයට සැලැස්මක්?

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය.

අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින්ඉරානයේ  ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායල පවසයි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *