Latestදේශීය

ලංගමයට නවීන සුඛෝපභෝගී බස්රථ 200ක්

නොමිලේ බස් 4ක් ලැබිලා / තවත් 600ක ඇණ­වු­මක්

ජාතික ප්‍රවා­හන ප්‍රමි­තීන් නංවන පිය­ව­රක්

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ (SLTB) අධි­වේගී මාර්ග මෙහෙ­යුම් තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සඳහා නව සුඛෝ­ප­භෝගී බස් රථ 200ක් මිල දී ගැනී­මට ප්‍රවා­හන, මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය විසින් නිල වශ­යෙන් ටෙන්ඩර් කැඳවා ඇත.

මෙරට පොදු ප්‍රවා­හන සේවය නවී­ක­ර­ණය කර­මින් මගී ජන­තා­වට වඩාත් සුව­ප­හසු සහ උසස් ප්‍රවා­හන සේවා­වක් ලබා දීම මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මු­ණයි.

මෙම නව බස් රථ සේවා­වට එක් කිරීම මඟින් අධි­වේගී මාර්ග සහ දුර­ග­මන් බස් සේවා­වන් වඩාත් ශක්ති­මත් කිරී­මට අපේ­ක්ෂි­තය. එමෙන්ම, මෙම ක්‍රියා­ව­ලිය හරහා ජාතික ප්‍රවා­හන ප්‍රමි­තීන් ඉහළ නැංවී­මට ද ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය බලා­පො­රොත්තු වේ.

මීට අම­ත­රව තවත් බස් රථ 600ක ඇණ­වු­මක්ද ඉදි­රියේ දී ක්‍රියා­ත්මක වීමට නිය­මි­තය.

මෙම සති අන්තයේ දී මේ බස් රථ 200ක ඇණ­වු­මක් සඳහා ලංසු කැඳ­වන බවත්, එහි­දී ද පෞද්ග­ලික වාසි තකා කට­යුතු නොකර අවම වශ­යෙන් බස් රථ 10-15ක් වත් රජ­යට නොමිලේ ලබා­ගැ­නී­මට සාකච්ඡා කරන ලෙස තමන් නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇති බවත් ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ (ලංගම) බස් රථ බළ­ඇ­ණිය නවී­ක­ර­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ ඉදි­රියේ දී මෙර­ටට ගෙන්වී­මට නිය­මිත බස් රථ 100ක ඇණ­වුම සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ප්‍රවා­හන ක්ෂේත්‍රය තුළ පැවැති පැරණි දූෂිත දේශ­පා­ලන සංස්කෘ­තිය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කර­මින්, පෞද්ග­ලික කොමිස් මුදල් වෙනු­වට රජ­යට නොමිලේ බස් රථ ලබා­ගැ­නීමේ නව ක්‍රම­වේ­ද­යක් හඳුන්වා දී ඇති බව ද හෙතෙම කීවේය.

රුපි­යල් ලක්ෂ 420ක් (මිලි­යන 42ක්) වටිනා බස් රථ 100ක් මිල දී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියා­ව­ලියේ දී තමන් හෝ අමා­ත්‍ය­ව­රයා හෝ ලේක­ම්ව­රයා කිසිදු පෞද්ග­ලික වාසි­යක් හෝ කොමිස් මුද­ලක් ඉල්ලා නොමැති බව නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

“පහු­ගිය කාලේ මෙවැනි ගනු­දෙනු වෙද්දී ඇමැ­ති­ලාට, නියෝජ්‍ය ඇමැ­ති­ලාට හෝ ලේක­ම්ලාට පංගු­වක් ඉල්ල­නවා. ඒත් අපි සත­ය­ක්වත් ඉල්ලලා නැහැ. අපි අදාළ සමා­ග­මෙන් ඉල්ලා සිටියේ රටේ ජන­තාව වෙනු­වෙන් අපිට මොනවා හරි නිකන් දෙන්න කියලා. ඒ අනුව රුපි­යල් ලක්ෂ 420 බැගින් වටිනා බස් රථ 4ක් රජ­යට නොමිලේ ලබා­දී­මට එම සමා­ගම එකඟ වුණා” යැයි නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ලංගම යටතේ ස්ථාපිත කරන ලද ‘මෙට්‍රෝ බස් සමා­ගම’ හරහා මෙම බස් රථ ජූලි සහ අගෝස්තු මාස වන විට මෙරට මාර්ග පද්ධ­ති­යට එක් කිරී­මට නිය­මි­තය. එමෙන්ම, ආබා­ධිත පුද්ග­ල­යන්ට පහ­සු­වෙන් ගමන් කළ හැකි (low-floor) බස් රථ 10ක් දැන­ට­මත් ලැබී ඇති අතර තවත් එවැනි බස් රථ 100ක් ඉදි­රියේ දී ලැබී­මට නිය­මිත බව ද හෙතෙම සඳ­හන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *