Latestදේශීය

සාගරිකා අළුත් වෙයි

බෙලිඅත්ත සහ මරදාන අතර ධාවනය වන අංක 8097/96 සාගරිකා කාර්‍යාල ශීඝ්‍රගාමි දුම්රිය ඊයේ (26) දින සිට S13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් මගින් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ලංකාවේ වැඩිම දුරක් ගමන් කරන කාර්‍යල දුම්රිය වන්නේද මෙම සාගරිකා දුම්රිය බව පැවසේ.

මෙය මින් පෙර ධාවනය වූයේ S11 බලවේග කට්ටලයක් මගින් වන අතර එය බොහෝ අවස්ථාවලදි කාර්මික දෝශවලට ලක්විය. ඒ හේතුවෙන් නිතර නිතර ගමන් වාර අවලංගු විය.

දිනපතා ගමන් ගන්නා මගීන්ද සාගරිකා දුම්රිය සඳහා නව පහසුකම් සහිත නව දුම්රිය කට්ටලයක් ලබා දෙන ලෙස කලක සිට ඉල්ලීම්ද ඉදිරිපත් කර තිබිණි.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *