Latestවිදේශීය

ඉරාන නාවික හමුදාපති මරාදැමූ බව ඊශ්‍රායලය කියයි

ඉරාන විප්ලවීය බලකායේ (IRGC)නාවික හමුදාපති අලිරේසා ටැංසිරි ඝාතනය කළ බව ඊශ්‍රායලය සදහන් කරයි.

බණ්ඩර් අබ්බාස් (Bandar Abbas) ප්‍රදේශයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහු මියගිය බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පත උපුටා දක්වමින් වාර්තා කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට සෘජුවම වගකිව යුතු ප්‍රධාන නිලධාරියා ලෙස ටැංසිරි සැලකෙන අතර, ඔහුගේ මරණය ඉරානයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.

පෙබරවාරි 28වැනිදා ආරම්භ වූ මෙම යුද්ධයේදී ඇමරිකානු සහ ඊශ්‍රායල හවුල් ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, ඊශ්‍රායලය දිගින් දිගටම ඉරාන ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කරමින් සිටියි. පසුගිය දිනවලදී ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි (Ali Larijani) සහ බලශක්ති අමාත්‍ය එස්මයිල් ඛතීබ් (Esmail Khatib) ද මෙලෙස ඉලක්කගත ප්‍රහාරවලින් ඝාතනය වූ බව වාර්තා විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *