ශානිට හැර ඕනෑම අයෙකුට සලේව දෙන්න
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් ඉවත් කරන ලෙස සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (26) අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්යක්ෂවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මුල සිටම විමර්ශන කළ නිලධාරියකු වන නිසා ඔහුව එම විමර්ශනවලින් ඉවත් කළ නොහැකි බවයි. මේ අතර සුරේෂ් සලේ සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් කළ දැනට විදේශගතව සිටින අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
අප්‍රේල් 22දා නැවත මේ නඩුව කැඳවීමට නියමිත අතර, ඒදිනට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

