Latestදේශීය

මනම්පේරි නිදහස් කරන තීන්දුව රෑ 12ට

මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ධුර සමයේ සිටි ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීම සඳහා ජූරි සභාවක් සහිත මහාධිකරණය ක්‍රියා කළ ආකාරය හෙළි වී තිබේ.

නීතිඥ නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රි 12 පසු වී මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන තීන්දුවක් ලබා දුන් අතර, නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. වසර 9කට අධික කාලයක් එම පෙත්සම අභියාචනාධිකරණයේ විභාග වූ අතර, ඊයේ (26) මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජූරි සභාවක් සහිත මහාධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කර තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සම්පත් මනම්පේරි, ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න ඇතුළු පිරිස සම්බන්ධයෙන් නැවත මහාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කර තිබේ. එයට මූලික හේතුව වී තිබෙන්නේ නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා ලෙස සිටි, එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල් සම්පත් මනම්පේරි රජයේ සාක්ෂිකරුවෙකු ලෙස 2016 ඔක්තෝබර් 26 වෙනි දින නම් කිරීම ය. ඉන්පසුව එම වසරේ නොවැම්බර් 27 දින සිට ජූරි සභාවක් ඉදිරිපිට දී නඩු විභාගය පවත්වා ගෙන ගොස් එම වසරේ දෙසැම්බර් 26 දින චූදිතයන් සියළු දෙනා නිදොස් කර නිදහස් කර තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *