Latestවිදේශීය

නේපාලයේ නව අගමැති බාලේන්ද්‍ර ෂා

නේපාලයේ පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙසින් රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිට දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා අද (27) නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් දිව්රුම් දී ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පුද්ගලයන් 76දෙනෙකුට ජීවිත අහිමි වූ “Gen Z” දූෂණ විරෝධී උද්ඝෝෂණවලින් පසු පැවැත්වූ පළමු මැතිවරණයෙන් ෂාගේ තෙවසරක් පැරණි රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය ආසන 275කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 182ක් දිනා ගැනීමට සමත් විය.

35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා ගේ නැගීම නේපාලයේ දේශපාලන භූ දර්ශනයේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරයි.

ඔහු කත්මණ්ඩු අගනුවර හිටපු නගරාධිපතිවරයෙකු ද වේ.

රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ බාලේන්ද්‍ර ෂා ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී ඇත.

හිටපු රැප් ගායකයෙකු සහ ඉංජිනේරුවෙකු වූ ෂා මුලින්ම ජාතික ප්‍රසිද්ධියක් ලබා ගත්තේ ඔහුගේ සංගීතය හරහා සහ පසුව ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හරහා, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට විකල්පයක් ලෙස තමාව ස්ථානගත කරමිනි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *