Latestවිදේශීය

ඇමරිකාව කැළඹෙයි – ට්‍රම්ප් විරෝධය වීදි පුරා රැව්දෙයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම මේවන විට අමෙරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ වී ඇති බවත් තවත් පැය දෙක තුනකින් ලක්ෂ ගණනක පිරිසක් මෙම විරෝධතාවන්ට එක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙය ‘No kings’අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙස සැලකේ.

ඇතැම් නගරවල වීදි දිගේ දැවැන්ත පෙළපාලි පැවැත්වෙන අතර, තවත් ස්ථානවල ගායනා, නර්ථන සහ දේශනවලට සවන් දීමට ජනකායක් රැස්වෙමින් පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව මෙලෙස විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙමින් සිටිති.

ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු සංවිධාන කරනු ලබන විශාලතම විරෝධතා ව්‍යාපාරය ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය සැලකේ. මැතිවරණ පොරොන්දු උල්ලංඝණය කිරීම, විදේශ රටවලට එරෙහිව හමුදා මෙහෙයුම් හා බලහත්කාරය උත්සන්න කිරීම, දැවැන්ත අයවැය හිඟය හා ණය ප්‍රතිශතය ඉහල යාම, ඉහල උද්ධමනය වැනි කාරනා හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කර ඇත්තේ එරට ජනතාවගෙන් 40% ක් පමණ ප්‍රමාණයකි. නොවැම්බර් මාසයේ මධ්‍ය කාලීන මැතිවරණයක් අපේක්ෂා කරන අවස්ථාවක ජනතා බලය ප්‍රදර්ශණය කිරීම මෙම උද්ඝෝෂණ මාලාවේ තවත් ප්‍රධාන අරමුණ බව ඔවුන් පවසා සිටි.

“2025 දී සරල විරෝධතා දිනයක් ලෙස ආරම්භ වූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ට්‍රම්ප් පාලනයට එරෙහිව දිගුකාලීනව රටපුරා දැවැන්ත ප්‍රතිරෝධයක් බවට පරිවර්තනය වී ඇත. එය “කවදාවත් මෙතරම් බලවත් වූයේ  නැත” යැයි ඇමරිකානු මාධ්‍ය වර්තා කර සිටි. සෙනසුරාදා පෙළපාළිවලට සම්බන්ධ වීමට අදහස් කළ අයගෙන් තුනෙන් දෙකක් පමණ දෙනා ප්‍රධාන නගරවලින් පිටත ජීවත් වන බවත්, පෙර පැවැති විරෝධතා දිනයන්ට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් මාර්තු 28 වනදා සිදු විය හැකි බවත් සංවිධායක කණ්ඩායම් පෙන්වා දෙයි.

සමස්තයක් වශයෙන්, එක්සත් ජනපදය පුරා රැලි 3,000 කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර සංක්‍රමිකයින් සම්බන්ධ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) කාර්යාල වැටලීම්, ඉරානයේ යුද්ධය, මිල ඉහළ යාම සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන ප්‍රහාර හෙළා දැකීමට මෙහි දී සැලසුම් කර ඇති ප්‍රධාන විරෝධතා අතර වේ. මෙම දිනයේ කේන්ද්‍රස්ථානය මිනසෝටා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ජනවාරි මාසයේ දී මිනියාපොලිස් හි පොලිස් වෙඩි පහරින් මිය ගිය Renée Good සහ හෙදියක් වන  Alex Prettiගේ මරණවලින් දැඩි ලෙස කම්පා වූ ප්‍රදේශ ලෙස සැලකේ. මිනියාපොලිස් හි වෙඩි තබා ඝාතනය කරන ලද ඇමරිකානු හෙදිය Alex Pretti “ලෝකය වෙනස් කිරීමට” අවශ්‍ය වූ නිතර ඒ සඳහා මැදිහත් වූ කාන්තාවක් ලෙස සැලකේ.

ඇමරිකානු රොක් සංගීතයේ ජාත්‍යන්තර තරුවක් වන සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචකයෙකු වන ඇමරිකානු සුප්‍රකට ගායක Bruce Springsteen ද විරෝධතා සඳහා සම්බන්ධ වීමට නියමිතය. ඔහුගේ “Streets of Minneapolis” ගීතය සමඟ ප්‍රාන්ත අගනුවර වන ශාන්ත පෝල් හි දී ඒ සඳහා එක්වීමට අපේක්ෂා කෙරේ. එම ගීතය ඇමරිකානු ICE ෆෙඩරල් නියෝජිතයන් විසින් මරා දැමූ ඇමරිකානු පුරවැසියන් දෙදෙනාට උපහාරයක් ලෙස පැය 24 ක් තුළ ලියා පටිගත කරන එයතිහාසික ගීතයක් වනු ඇත. Bruce Springsteen එහි දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර, විරෝධතාකරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර සංගීත ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට ඔවුන් පාගමනකින් එක් වීමට නියමිතව ඇත.

වියට්නාම යුධ සමයේ පැවැත් වූ යුධ විරෝධී දැවැන්ත පා ගමන් සංගීත සංදර්ශන, පෙළපාලි වලට සමාන තත්වයක් මෙම මාර්තු 28 වැනිදා ඇමරිකාව පුරා නිර්මාණය වීමට ඉඩ ඇති අතර ඇමරිකානු සමාජය තුලින් දැවැන්ත විරෝධයක් ද ට්‍රම්ප් ගේ පාලනයට එරෙහිව ගොඩනැගෙනු ඇතැයිද දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *